28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා මෙරට රූපවාහිනී නාලිකා හතරක් අවස්ථාව ලබා දීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

කෙසේ නමුත් මේ වන තෙක් එම විවාදය සඳහා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ සහභාගී වීම තහවුරු කර ගත නොහැකී වී ඇතැයි එම නාලිකාවක් වන සඳහන් කරති.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ මහ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනය ඉල්ලා අස් කර නොගන්නේ නම් හෝ කණගාටුව පල නොකරන්නේ තමන් සමග විවාදයකට එන ලෙස නැවතත් ලේකම්වරයාට ආරාධනා කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේද අදහස් පල කලේය.

‘සාගර කාරියවසම් ගරු මන්ත්‍රීතුමාට විකල්ප තුනක් දුන්නා. එක්කෝ එතුමා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුයි. නැත්නම් කනගාටුව ප්‍රකාශ කළ යුතුයි. දෙකම නොකර තමන්ගේ මුල් ස්ථාවරයේම සිටිනවා නම් වත්මන් බලශක්ති අර්බුදයට වගකිවයුත්තේ මා යැයි ඔහු විශ්වාස කරනවා නම් එය ඔප්පු කිරීම සඳහා මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට මා එතුමන්ට නැවත වතාවක් ආරාධනා කරනවා. පාළු ගෙයි වළං බිදින්නේ නැතුව තැන තැන කටමැත දොඩ වන්නේ ද නැතුව මහත්වරුන් දෙදෙනෙක් වගේ අපිට පුළුවන් ප්‍රසිද්ධ විවාදයක් කරල රටේ ජනතාවට තේරුම් ගන්නට දෙන්න කොහොමද මේ බලශක්ති අර්බුදය ඇතිවුණේ, ගම්මන්පිලගේ දායකත්වය මොකක්ද කියන එක’

lankacnews

Related posts

කොරෝනා මරණ වැඩිම යුරෝපීය රට බවට ඉතාලිය පත්වෙයි

Maimoonar

ධම්මිකත් පිට්ටනි පුරවයි.. ජනපතිවරණය අරඹයි.. බිලියන තුනක ඩොලර් ගස සොලවයි..

Maimoonar

කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි…

Maimoonar