30.4 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

සතියක් පුරා දඹුල්ල වැසීමෙන් එළවළු අස්වනු අපතේ යයි

 සතියක කාලයක් පුරා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා තැබීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි ගොවි ජනතාව පවසනවා.

නෙත් නිවුස් එහි කළ සංචාරයකදී දැකගත හැකි වූයේ අද දිනයේද ගොවීන් දඹුල්ල – කැකිරාව හා දඹුල්ල – හබරන යන ප්‍රධාන මාර්ග දෙපස තම අස්වනු තබා හොර රහසේ අලෙවි කරමින් සිටින ආකාරයයි.

කෙසේවෙතත්, පොලීසිය පැමිණ එලෙස සිය අස්වනු අලෙවි කරන ගොවි ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කරන ගොවි ජනතාව කටයුතු කරමින් ඇත්තේ දඹුල්ල නගරයට ද මේවනවිට සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන්.

කෙසේවෙතත්, ගොවි ජනතාව පවසන්නේ සිය අස්වනු දෛනිකව විනාශ වන තත්ත්වයකට පත්ව ඇති බැවින් ඒ පිලිබඳ බලධාරීන් සොයා බලා කඩිනම් පියවරක් ගත යුතු බවයි.

ඔහු කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඡක්‍ඍ කළ 300 කගෙන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ තිදෙනෙකු පමණක් බවයි.

1200 කට වැඩි පිරිසක් ආසාදිතයින් නොවන බව හඳුනාගෙන ඇති බැවින් යම් සීමා ලිහිල් කිරීමක් යටතේ හෝ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට බලධාරීන් අවසර ලබාදිය යුතු බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ඩෙන්මාර්කය එයි..

Maimoonar

බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…

Maimoonar

බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

Maimoonar

836 comments

Comments are closed.