28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා කර ඇති එම ප්‍රදේශවලට යුධ හමුදා ආරක්ෂාව ලබාදිය යුතු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු වු ලිදුල පොලිස් වසමට අයත් සෙන් කුම්බ්ස් වතු යායේ ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් සහ එම ප්‍රදේශවල පදිංචිකරුවන් අතුරු මාර්ග ඔස්සේ ප්‍රධාන නගරවලට පිවිසෙන බව ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

හුදකලා කර ඇති සෙන් කුම්බ්ස් වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ලිදුල පොලිසියේ නිලධාරින් විසින් ආරක්ෂාව තර කර ඇතත්, එම වතු යාය තුල පිහිටි අතුරු මාර්ග ඔස්සේ හුදකලා කර ඇති ප්‍රදේශවල වතු කම්කරුවන් තලවකැලේ නගරය ඇතුළු ප්‍රධාන නගර වලට පිවිසෙන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවයි ජනත් අබේගුණරත්න මහතා කියා සිටියේ.

පොලිස් ආරක්ෂාවට අමතරව හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවලට යුධ හමුදා ආරක්ෂාවද ලබාදෙන ලෙස තමන් ඉල්ලිමක් කල බව ජනත් අබේගුණරත්න මහතා වැඩි දුරටත් පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි (319 – L) ග්‍රාමසේවා වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යාය සහ හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆිල්ඩ් (319-I) ග්‍රාමසේවා වසමට අයත් පොඩයිස් වතු යායට සංචරණ සිමා පනවා ඇත.

Related posts

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Maimoonar

රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

Maimoonar

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

Maimoonar

1 comment

Comments are closed.