30.9 C
Colombo
August 11, 2026
Local NewsNews

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 600ක් : කළුතර සහ ගම්පහ ආසාදිතයින් සිඝ්‍රයෙන් ඉහළට

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,568 දෙනා ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 606 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොළඹ නගරසභා බලප්‍රදේශයෙන් 53ක්, මුල්ලෙරියාව 40ක්, ගල්කිස්ස 28ක්, පිළියන්දල 36ක්, මොරටුව 20ක්, මහරගම 29ක්, අවිස්සාවේල්ල 22ක්, හෝමාගම 15ක් සහ කොට්ටාව 30 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 417 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පානදුර – දකුණ 102ක්, මිල්ලනිය 58ක්, දොඩංගොඩ 36ක්, කළුතර – උතුර 30ක්, කළුතර – දකුණ 35ක්, පයාගල 18ක්, තෙඹුවන 20ක් සහ වස්කඩුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 19ක් වාර්තා වී ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 300 දෙනෙකු වාර්තා වී ඇත. කටුනායක 62ක්, මීගමුව 35ක්, ජා-ඇල 31ක් සහ දොම්පේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 22ක් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී වාර්තා වී ඇති පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 196 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කුරුණෑගල 55ක්, පන්නල 25ක්, හෙට්ටිපොල 26ක්, පන්නල 25ක්, ගිරිඋල්ල 20ක් සහ නිකවැරටිය 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 148 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අහංගම 41ක්, ඇල්පිටිය 15ක්, ගාල්ල 19ක්, නාගොඩ 11ක්, උඩුගම 10 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 110 දෙනෙකු වාර්තා වී තිබෙනවා. තෙල්දෙණිය 21ක්, වත්තේගම 15ක්, උඩුදුම්බර සහ ගම්පොළ ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනා බැගින් වාර්තා වී ඇත. 

මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 108ක්, මාතර 36ක්, කෑගල්ල 06ක්, බදුල්ල 29ක්, අම්පාර 27ක්, අනුරාධපුරය 90ක්, ත්‍රිකුණාමලය 23ක්, වව්නියාව 05ක්, මුලතිව් 24ක්, නුවරඑළිය 64ක්, මහනුවර 110ක්, රත්නපුර 64ක්, පුත්තලම 37ක්, යාපනය 61ක්, කිලිනොච්චිය 25ක්, පොළොන්නරුව 57ක්, හම්බන්තොට 41ක්, මොණරාගල 29ක්, මඩකළපුව 27ක් සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 38 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

Related posts

Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..

Maimoonar

ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

Maimoonar

තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…

Maimoonar

135 comments

Comments are closed.