31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

දුමින්ද සිල්වා හිරේ හිටියා දැන් ඇති.. රජය තීන්දුවක් ගත යුතුයි..- මුරුත්තෙට්ටුවේ හිමි

මරණ දඬුවම ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දුප්පත් මිනිසුන් ඉතා විශාල සේවාවක් කළ පුද්ගලයකු යයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඔහු තවදුරටත් සිරගතව සිටිය යුතු පුද්ගලයෙකු නොවන බවත් ඔහු සම්බන්ධයෙන් රජය යම්කිසි ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතු බවත් එහිමියෝ පැවසූහ.

ඒ සම්බන්ධයෙන් රජය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කරනු ඇතැයි ද උන්වහන්සේ බලාපොරොත්තු වෙති.

පැවැති යහපාලන සමයේ සිදුකළ වැරදි සොයා බලා සාධාරණය කරන බවට වත්මන් රජය පොරොන්දු වූ බවත් ඒ අනුව දුමින්ද සිල්වා මහතාට ද සාධාරණ විය යුතු බවද හිමියෝ පැවසූහ.

කොළඹදී මාද්‍ය අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

Related posts

‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

Maimoonar

අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතිය

Maimoonar

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Maimoonar

912 comments

Comments are closed.