28.9 C
Colombo
September 10, 2026
NewsSportsSports News

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා. වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ අත්හිටුවන විට එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 04 ක් දැවී ලකුණු 320 ක් රැස්කරමින් ප‍්‍රබල ස්ථානයක පසුවුණා. ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 135 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 185 ක් ඉදිරියෙන් සිටිනවා. 

නායක ජෝ රූට් නොදැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 168 ක්. ජෝස් බට්ලර් නොදැවි ලකුණු 07 ක් ලබා සිටිනවා. සිය මංගල ටෙස්ට් කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කළ එංගලන්ත කී‍්‍රඩක ඩැන් ලෝරන්ස්, ලකුණු 73 ක් රැස්කිරීමට සමත්වුණා. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 03 ක් දවා ගත් අතර දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්තා. තරගයේ තුන්වන දිනය අදයි. 

මේ අතර එංගලන්ත කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාලූ ප‍්‍රදේශයේ හෝටලයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ තහවුරු වුණා.

Related posts

පාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුව

Maimoonar

ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

Maimoonar

බිහිසුණු ආරංචියක්! කොත්මලේ කොස්වත්තේ 50ක් අතුරුදහන්: සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට මාර්ග නැතැයි ගම්වැසියෝ කියති

Maimoonar