32.2 C
Colombo
October 1, 2026
NewsPolitical

ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටිවිටර් සහ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ වොෂින්ටන් නුවර ප්‍රහාර එල්ල කළ ඔහුගේ ආධාරකරුවන්ට ට්විටර් පණිවිඩ නිකුත් කිරීමෙන් අනතුරුව එම ගිණුම් අත්හිටුවා ඇති බවයි.

වොෂින්ටන් නගරයේ කලබල ඇති කළ සිය ආධාරකරුවන් සම්බන්ධයෙන් ඔහු පළ කළ ටිවිටර් පණිවිඩයක දැක්වූයේ i love you යනුවෙනි. ඊට අමතරව ජනාධිපතිවරණයේ දී වංචා සිදු වූ බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කර තිබිණි.

ටිවිටර් සමාගම පැවසුවේ සිය සමාගමේ ප්‍රතිපත්ති බරපතළ ලෙස උල්ලංඝනය කළ පණිවුඩ තුනක් ඉවත් කිරීමට සිදු වූ බවය. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුමද පැය 24ක කාලයක් අත්හිටුවා තිබේ.

noizetv

Related posts

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

Maimoonar

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Maimoonar

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි

Maimoonar

8 comments

Comments are closed.