මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ.
අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය
සෝවියට් දේශයෙහි එකල යුක්රේනයෙහි අධ්‍යාපනය ලැබූ අනිල් ජාසිංහ වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධ වෙලා. ධම්මික වෙද මහතා අනිල් ජාසිංහ වෙද මහතාගේ පැණියකට විරුද්ධ බවක් දැන ගන්න නැහැ. කොහොමත් අනිල් ජාසිංහ වෙද මහතා හඳුන්වා දුන් පැණියක් නැහැ. බටහිර වෙද මහතුන් බටහිරින් එන පැණි නම් නියම කරනවා.
මා හිතන්නේ එකල සෝවියට් දේශයට ගිය සිසුන් කාටත් අපෝහක ද්‍රව්‍යවාදය හදාරන්න සිදු වෙන්න ඇති. මිථ්‍යා ගැනත් සමහර විට උගන්නන්න ඇති. සෝවියට් දේශයේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික සාම්ප්‍රදායික වෙදකම තියෙන්න ඇති. ඒත් ඒ වෙදකම් යුක්රේනයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගැන්නුවා ද යන්න සැක සහිතයි. සෝවියට් දේශය අංක එකේ බටහිර විද්‍යා රටක්. ඔවුන්ට විද්‍යාව ආගමක්.
බොහෝ දහම්වල ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ දැනුම් පද්ධතිය පමණක් හරිය කියා ඇදහීම. වෙනත් දැනුම් පද්ධතිවලට තැනක් නැහැ. සමහර රටවල රෝහල්වල බටහිර වෙදකම සමග තමන්ට ආවේණික වෙදකම් ද කිරීමට අවසර තියෙනවා. එහෙත් බොහෝ රටවල තත්වය එසේ නො වෙයි.
අනිල් ජාසිංහ බටහිර වෙදකමට සම්බන්ධ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ව හිටියා. දැන් පැණිය බටහිර රෝහල්වල ඊනියා සායන නැහැසුම්වලට භාජනය කරන්න යනවා. අනිල් ජාසිංහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ව හිටිය නම් කුමක් වෙන්න තිබුණ ද? ඔහු කොවිඩ් 19 මුල් අවධියෙහි යම් සේවයක් කළා. ඒ බටහිර වෙදකම පැත්තෙන්. ඒ දවස්වල පැණිය ප්‍රසිද්ධ වෙලා තිබුණෙ නැහැ.
ජාසිංහ කතා කරන්නෙ අධිපති මතවාදයෙ නියෝජිතයෙක් ලෙස. බටහිර විද්‍යාව අද ක්‍රියා කරන්නෙ ආධිපත්‍ය මතවාදයක් හිසේ දරා ගෙන. එය දැන් වෙනත් බොහෝ ආගම්වලින් එකක් වගේ. ජාසිංහ ඒ දවස්වල බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.
ලංකාවෙ පඬි නැට්ටන් නම් කියන්නෙ මේ රටේ තියෙන්නෙ සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් කියල. මුස්ලිම් කොවිඩ් ආදාහනයත් ඒ ස්වොත්තමවාදය නිසා ඇති වූවක් බවයි කියන්නෙ. ඒත් කලකට පෙර මේ සිංහල අපගෙ රටයි කියන ගීය ගැයීම අර ස්වොත්තමවාදයට පයින් ගහල නතර කෙරුණා. ඒත් අපි තාමත් දූවිල්ලෙන් සැදුණු ලියේ බාලොලියේ ගීතය ගායනා කරනවා. වෙද හාමිනේ අප අතිනුත් අගය කෙරී තියෙනවා. මා හිතන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි එයට පළමු අනුග්‍රහය ලැබුණෙ කියල.
අප කවුරුන්වත් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතයෙ තියෙන්නෙ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක් නිසා එය තහනම් කරන්න කියල. එහෙමත් නැත්නම් ජයන්ත චන්ද්‍රසිරිගෙන් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතය ඉවත් කරන්න කියල. ඝරසර්ප චිත්‍රපටයෙ සංස්කෘතික පසුබිම මොකක් වුණත් අප එය අගය කළා. එහෙත් හඳගම වැන්නන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන විට අප ඒවාට තනි තට්ටෙන් යන්න පහර දුන්න.
දූවිල්ලෙන් තමයි දෙවියන් වහන්සෙ මිනිසා මැවුවෙ. දූවිල්ලෙන් සැදුණු ලිය එන්නෙ එතැනින්. දූවිල්ලෙන් දූවිල්ලට අළුවලින් අළුවලට. මේ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක්. අද මුස්ලිම් බැතිමතුන් අතර ප්‍රශ්නයක් ඇති කෙරිල ආදාහනය පිළිබඳ ව. එය දේශපාලනඥයන්ගෙ වැඩක්. ඔවුන් තම දේශපාලන බලය රැක ගැනීමට මුස්ලිම් බැතිමතුන් උගස් තියනවා. මා කුරාණයත් බයිබලයත් කියවල තියෙනවා. ඒත් සූත්‍ර පිටකයෙ සූත්‍ර කිහිපයක් පමණයි කියවල තියෙන්නෙ. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. සූත්‍ර පිටකයෙ හරය මට වැටහෙනවා. මා බෞද්ධයකු ලෙස පෙර භවවලත් ඉන්න ඇති.
මට බටහිර වෙදකම මත පදනම් වෙලා ආදාහන ප්‍රශ්නය ගැන කතා කරන්න ඕන නැහැ. බටහිර වෙදකම කොවිඩ් 19 ගැන දන්න ඉටි ගෙඩියක් නැහැ. ඒත් රෝගය පැතිරීම වැළැක්වීමට අප ක්‍රියා කරන්න ඕන. භූමදානය නිසා රෝගය පැතිරීමට ඉඩක් තියෙන බවට අඩු තරමෙන් සැකයක් තියෙනවා. සැකය නැති වූ දාක භූමදානයට කවුරුත් එකඟ වේවි. මා ආගමික විශ්වාසවලින් පහර දෙන්නෙ බටහිර විද්‍යාවට පමණයි. ඒ ඔවුන් එය ආගමක් නොවන බව කියන නිසා.
මුස්ලිම් බැතිමතුන්ට ආදාහනය කළ පමණින් ස්වර්ගයට යෑම ප්‍රශ්නයක් වෙනවා කියා මා හිතන්නෙ නැහැ. කුරාණයෙ අල්ලා දෙවියන් වහන්සේ තමයි ජීවිතය දෙන්නෙ, මරණයට පත් කරන්නෙ, පුනරුත්ථානය කරන්නෙ. කුරාණයෙ 36ඃ79 පාඨයෙ අහනව අස්ථි දිරාපත් වුණාට පස්සෙ ජීවය දෙන්නෙ කවුද කියල. එයට පිළිතුර අල්ලා දෙවියන් වහන්සෙ කියන එකයි. 37ඃ17 පාඨයෙත් එවැන්නක් කියනවා. භූමදාන කළත් ආදාහන කළත් මේ සිරුර විනාශ වෙලා යනවා. පිරමිඩ්වල තියල තියෙන සිරුරු හැර අපට බලන්න පුළුවන් සිරුරු කීය ද තියෙන්නෙ. ලෙනින්ගෙ සිරුර තාම තියෙනවා ද? භූමදානය කළත් ආදාහනය කළත් සිරුරු එක්කෝ දූවිලි වෙනවා නැත්නම් අළු වෙනවා. දූවිල්ලෙන් සැදුණු ලිය මිය ගිහින් අවුරුදු කිහිපයකින් අපට හොයා ගන්නවත් බැහැ. ඒ තැන්වල තිබුණු ගසුත් මැරිල ගිහින්. ඒත් භූමදානය කළත් ආදාහනය කළත් ආත්මය නැතිවෙන්නෙ නැහැ. බෞද්ධයන් කලබල වෙන්න ඕන නැහැ මා ආත්මයක් ගැන කතා කරනව කියල.
මේ නැති නොවන ආත්මය අර පුනරුත්ථාන දිනයෙදි සුර දූතයන් දෙදෙනකු අල්ලා දෙවියන් වහන්සේ ළඟට එක්ක යනවා. කුරාණයෙ 50ඃ21 ඒ බව කියැවෙනවා. 50ඃ18 තවත් කතාවක් කියනවා. සුර දූතයන් දෙදෙනා පුද්ගලයාගෙ දෙපසින් ඉඳන් හොඳ නරක ලියා ගන්නව කියල. බෞද්ධයන් අතරත් එවැනි කතා තියෙනවා. ආත්මයක් නැති වුණා ට චිත්ත පරම්පරාවක් තියෙනවා. මා කලින් කිවුවට මා පෙර භවවල බෞද්ධ වෙලා නැහැ. චිත්ත පරම්පරාවෙ බෞද්ධ කමක් තියෙනවා.
ආදාහනය කළාට අල්ලා දෙවියන් වහන්සේ මවපු ආත්මය පිච්චෙන්නෙ නැහැ. එහෙම නම් අර බෝම්බ පුපුරවාගෙන මැරුණු හාදයන්ගෙත් ආත්ම පිච්චෙන්න ඕන නෙ. දෙවියන් වහන්සෙ මවපු දේ මිනිසුන්ට නැති කරන්න බැහැ. කොයි එකටත් තව සැරයක් නිවාඩු පාඩුවෙ කුරාණය කියවන්න ඕන.
17 comments
Hijole …voy a decirte la verdad…soy un bloggero duro.
Sigo a varias páginas por todo lo largo de la web, pero tu artículo realmente, y no lo digo en mala onda,
es pésimo. Igual reconsidera la profesión.
Do you have any video of that? I’d like to
find out more details.
Hi, this weekend is good in support of me, for the reason that this moment i am reading
this impressive informative article here at my house.
You have made some good points there. I looked on the net for more information about the issue and found most
individuals will go along with your views on this web site.
Good day! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good gains.
If you know of any please share. Thank you!
I know this website gives quality dependent articles or reviews and
extra stuff, is there any other web page which offers such data in quality?
Informative article, titally ԝhat I waqnted tο find.
Feel free to surf tto my webb page: casino quay hủ trực tuyến Việt Nam
Hi, I think your website might be having browser compatibility issues.
When I look at your blog in Opera, it looks fine but when opening in Internet Explorer, it has some overlapping.
I just wanted to give you a quick heads up! Other then that, superb blog!
… [Trackback]
[…] Find More to that Topic: hellofm.vip/2021/01/අනිල්-ජාසිංහ-හදපු-පැණියක/ […]
I comment whenever I especially enjoy a article on a
website or if I have something to contribute
to the discussion. Usually it is a result of the sincerness displayed in the article
I browsed. And after this article අනිල්
ජාසිංහ හදපු පැණියක් නෑ..
ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්..
අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින්
ද සිල්වාගෙන් ප‍්‍රහාරයක් – Hello FM.
I was actually excited enough to drop a commenta response
😉 I do have 2 questions for you if it’s
allright. Could it be just me or do a few of these comments
look as if they are written by brain dead visitors?
😛 And, if you are posting at additional places, I’d like to follow everything fresh you have to post.
Could you make a list every one of your social pages like your Facebook page, twitter feed, or linkedin profile?
Also visit my web blog – Small centers
Leasing charts are for direct rental offices.
Here is my web site :: item516706118
… [Trackback]
[…] There you can find 77580 more Info on that Topic: hellofm.vip/2021/01/අනිල්-ජාසිංහ-හදපු-පැණියක/ […]
Both suppliers offer 100% renewable compare energy plans uk.
After all, that’s what mortgages are for.
Here is my webpage can you release equity if you don't have a mortgage
The plan’s average price is 17.4 cents per kWh.
Stop by my webpage: Energy efficiency definition geography
Cell aging and damage can have severe consequences.
my blog post: Cellular Health Testing Kit
Business electricity supplier where you are.
Have a look at my page … Bookmarks