28.9 C
Colombo
August 6, 2026
Local NewsNews

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසා සිටින අන්දමට රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අඛණ්ඩව සිදුකරන අතර එම පුද්ගලයින්ගෙන් ආසාදිතයින් 5 දෙනෙකු පමණ දෛනිකව හඳුනාගැණෙයි.

මෙම අවදානම් තත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා,

“රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීමට එන පිරිස් අපි පරීක්ෂාවට ලක්කරනවා. ඒ අවස්ථාවේ දී දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 5 ක් හෝ 6ක් දරුවන් හෝ මව්වරු කොවිඩ් 19 ආසාදනය තිබෙන වී තිබෙන බවට හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා . ඒ තුළින් අපට කියැවෙනවා ඔබට යම්කිසි අවදානමක් තියෙන්න පුළුවන් කොරෝනා රෝගය වැළඳිලා ඇත්ත නැද්ද කියන කාරණය පිළිබඳව. ඒ වගේම මේ දෙවැනි රැල්ල තුළින් දරුවන් 70කට පමණ ආසන්න ප්‍රමාණයකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව මේ වන විට අපි සොයා ගෙන තිබෙනවා . දවස් 20 සිට අවුරුදු 14 දක්වා වු දරුවන් මේ අතර ඉන්නවා. මින් වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඉතා කුඩා දරුවන්. මේකට ප්‍රධාන හේතුව මාපියන් වැඩි වශයෙන් දරුවන්ට ස්පර්ශවීමට හා බාහිර සමාජයට ගැටෙන්න ඉඩ දීම සහ දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසයි දරුවන්ට මේ රෝගය වැළඳී තියෙන්නේ.”

Related posts

බෙලිගල්ලේ පාසල් බස් අනතුරකින් සිසුන් 16කට තුවාල

Maimoonar

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

Maimoonar

“කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)

Maimoonar