NewsPolitical

ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනී

ධම්මික පැණිය ගෙන තමන් කතා කරන්නවත් කැමති නැතැයි ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ජනතාව දැනුවත් වන්නේ ධනාත්මක පණිවිඩයක් දීමෙන් බවද ඇය පැවසුවාය.

කොරෝනා පාලනය යොදා ගන්නා ඖෂධ හෝ එන්නත් නිසි පරිදි සායනික පරීක්ෂාවකින් තහවුරු විය යුතු බවද පවසන ඇය එසේ නොවුණහොත් අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බව ද සඳහන් කරයි.

ආයුර්වේදය අනුව ධහ්හික පැණියට අනුමැතිය ලැබුණු බව පැවසුවද ආයුර්වේදයේ දේවල් ගැන තමන්ගෙ නොවිමසන ලෙස ද ඇය කියයා.

‘අපි අනුමැතිය දුන්නේ නෑ. ඔය පැණිය ගැන කතා කිරීම දැන් කල් ඉකුත් වෙලා තියෙන්නේ’ යයි ඇය සඳහන් කළාය.

කාලි මෑණියන්ට ලෙඩ සුව කිරීමට හැකි යැයි පැවසීම සංස්කෘතික විශ්වාසයක් බවත් ඒවා සමග ගැටෙන්නට තමන් කැමති නැති වුව ද වෛද්‍ය විද්‍යාවට අනුව විද්‍යානුකූල පදනම මත පිහිටා තොරතුරු තමන් ලබා දෙන බවද ඇය තව දුරටත් පැවසුවාය.

Related posts

මං අසූචි වලට බැස්සා.. සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා..- දිලිත්

Maimoonar

කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්

Maimoonar

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

Maimoonar

10 comments

Comments are closed.