31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනයට සමඟාමීව, කිරි අම්මා දානයක් අද 2020.11.18  දින පෙරවරුවේ නාරාහේන්පි අභයාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ඡන්ම දිනයට සමඟාමීව පැවති කිරි අම්මා දානය මෙවර පැවැත්වුයේ 18 වෙනි වරටය.

සෑම වර්ෂයකම ඡන්ම දිනයට සමඟාමීව පැවැත්වෙන මෙම දානමය කටයුත්ත සංවිධානය කරනු ලබන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි විසිනි.

ප්‍රථමයෙන් ආගමික වතාවත් වල නිරත වූ ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරුතර මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව, කිරි අම්මාවරුන් 76 දෙනෙකු උදෙසා කිරි අම්මා දානය පූජා කරන ලදී.

මෙහිදී, කොලොන්නාවේ ඉන්දු පෙරේරා මෑණියන් විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පත්තිනි මෑණියන් උදෙසා පූජාවක් පැවැත්වූවාය.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි හා පැමිණ සිටි සැදැහැවතුන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමාට සමරු සිහිවටන ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු විය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා හා ශිරන්ති රාජපක්ෂ මැතිණිය විසින් ගැබිනි මාතාවන් සඳහා වියළි ආහාර මළු බෙදාදීම ද මීට සමඟාමීව සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සිරිපාල ගම්ලත්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණරත්න මහත්ම මහත්මීන් ඇතුළු බැතිමතුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

– රොහාන් වැලිවිට

lankacnews

Related posts

ලිසිං සමාගම් වලට පොලිසියෙන් රතු එළියක් : දැඩි නීතිමය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පති නියෝග කරයි

Maimoonar

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

Maimoonar

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

Maimoonar