29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ රාත්‍රියේ දී පළා යැමට උත්සාහ දැරූ රැඳවියන් පිරිසක ගෙන් එක් අයෙකු බන්ධනගාර නිලධාරින් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී ඇති අතර තවත් රැඳවියෙකු පළා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල් ගත කොට තිබෙන අතර සෙසූ රැඳවියන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ මෙලෙස පළා යාමට ගොස් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 500ක් ලඟ තබා ගැනීම සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙකු බවයි.

නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කොට තිබෙන පැරණි බෝගම්බර් බන්ධනාගාරයේ වාට්ටුවක නිරෝධායනයට ලක්‌ කොට සිටි රැඳවියන් 05 දෙනෙකු බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලයට නැග මෙලෙස පළා යාමට තැත් කොට තිබෙනවා.

මෙම බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 410 කට ආසන්න පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කොට තිබෙනවා.

lankacnews

Related posts

ගෑස් සමාගම් රටම අන්දයි.. මිල වැඩි නොකරයි.. 12.5 සිලින්ඩර නෑ.. අඩු බරට පුරවා වෙන නමකින් එවයි..

Maimoonar

‘මේඩ් ඉන් ශ‍්‍රී ලංකා’ මෝටර් රථයක් වෙලද පලට.. රුපියල් ලක්‍ෂ 12යි…

Maimoonar

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Maimoonar

59 comments

Comments are closed.