29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

එම පුද්ගලයා ආසාදිතයෙක් බව ඊයේ (01) හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඔහු ශ්‍රී ලංකා රජය මගින් පවත්වා ගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව සඳහන් වේ.

“එම කාර්ය මණ්ඩල සාමාජිකයාගේ රාජකාරී ස්වභාවය අනුව ඔහු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ සේවයේ නියුතු නිලධාරීන් සමග ඉතා අඩු වශයෙන් සම්බන්ධ වී ඇති අතර හඳුනාගත් මූලික අශ්‍රිතයින් කිහිපදෙනෙක් PCR පරීක්ෂණ සහ අනෙක් ක්‍රමවේද සඳහා යොමුකර තිබේ.”

මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු අඩු කාර්ය මණ්ඩලයක් සහිතව පසුගිය සති කිහිපයේදී සිදුකළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

adaderana

Related posts

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Maimoonar

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්

Maimoonar

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Maimoonar

1 comment

Comments are closed.