29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

බාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..

රට පුරා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාව ඒවා ඉදිරිපිට දැඩි ලෙස පොරකමින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකළ හැකි තත්වයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

යම් හෙයකින් එම ස්ථානයකින් කොරෝනා වෛරස් පොකුරක් ආරම්භ වුවහොත් නැවත කොරෝනා පාලනයේ මුල් අවස්ථාවට යාමට රටටම සිදුවන බවද ඔහු සඳහන් කරයි.

ඒ නිසා මත්පැන් හල් වල මත්පැන් මිලදී ගැනීමේදී සමාජා දුරස්ථභාවය රැුකෙන ලෙස කටයුතු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අද වන විට රට පුරා කොරෝනා ව්‍යාප්තිය 90% කින් ම පාලනය කර අවසන් බවත් දැනට ඇත්තේ වැලිසර නාවික හමුදා කදවුර සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් බවත් සැක සහිත සියලු දෙනා මේ වන විටත් හඳුනාගෙන ඇති සහ වෙන් කර කටයුතු කිරීමට සලස්වා ඇතැයිද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

Maimoonar

ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදියි..

Maimoonar

මුල් මාස තුනේ ආදායම ට‍්‍රිලියනයි.. වියදම ට‍්‍රිලියන එකහමාරයි..

Maimoonar