29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේ

කොරෝනා වෛරසය නිසා යමකු මියගිය අවස්ථාවකදී එම මළ සිරුර භූමදානය කිරීමට අවසර ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ඒ සඳහා සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව යැයි සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

කොවිඞ් – 19 වැලඳී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් මා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේදී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මෙම කාරණය මතුවූ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එම නිසා එම වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා.

lankaleadnews

Related posts

මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි අතීත මතක පෙළගස්වන අග්‍රගණ්‍ය සිනමා නිළිමාලිනී ෆොන්සේකා

Maimoonar

ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..

Maimoonar

කැරට් කිලෝව තෝර, තලපත් මිල පන්නයි..

Maimoonar

3 comments

Comments are closed.