27.2 C
Colombo
August 20, 2026
International NewsNews

ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටේ

වසර 30 කට ආසන්න කාලයකට පසු පළමු වරට ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටී තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයෙන් දිගින් දිගටම එල්ල වූ ආර්ථික බිඳවැටීම හේතුවෙන්. ගතවූ මාස තුනට සාපේක්ෂව අපේ‍්‍රල් සිට ජුනි දක්වා කාර්තුවේදී ඕස්ටෙ‍්‍රලියාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 7 කින් පහල ගොස් තිබෙනවා.

එය සැලකෙන්නේ 1959 න් පසු එරට සිදු වූ විශාලතම ආර්ථික පහත වැටීම ලෙසයි. අඛණ්ඩව කාර්තු දෙකක ඝෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කලහොත් එය රටක ආර්ථික අවපාතයක් ලෙස සැලකෙනවා.

2008 පැවති ගෝලීය මූල්‍ය අර්බුදය තුළ ද ආර්ථික අවපාතයක් වළක්වා ගත්  එකම ප‍්‍රධාන ආර්ථිකය  ඕස්ටේ‍්‍රලියාව සතු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. කෙසේ වෙතත් මෙම වසර ආරම්භයේදී, පැවති අධික ලැව් ගිනි සහ කොරෝනා වෛරසයේ පුපුරා යාමත් හේතුවෙන් මෙවර ආර්ථික වර්ධනය පහත වැටීමට හේතු වී තිබුණා.

ආර්ථිකයට ආධාර කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග නොතකා, රට පුරා ව්‍යාපාර වසා දැමීම ද ඕස්ටෙ‍්‍රලියාව තුල මෑතකදී සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාරතා කලේ.

කෙසේ වෙතත් ආර්ථික ක‍්‍රියාකාරකම්වල දැඩි පහත වැටීමක් තිබියදීත්, විශාල පසුබෑමකට ලක්ව ඇති අනෙකුත් බොහෝ දියුණු ආර්ථිකයන්ට වඩා  ඕස්ටේ‍්‍රලියාවේ තත්ත්වය යහපත් බවද එහි සඳහන්.

ලෝකයේ විශාලතම ආර්ථිකය වන අමෙරිකාවෙ ආර්ථිකය අපේ‍්‍රල් සහ ජුනි අතර සියයට 9.5 කින් පහල ගියා. එක්සත් රාජධානියේ සියයට 20.4 කින් හා ප‍්‍රංශයේ ආර්ථිකය සියයට 13.8 කින් සහ ජපානයේ සියයට 7.6 කින් පහත වැටුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රනිල් අත්අඩංගුවට ගැනීම නාට්‍යයක් – ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර

Maimoonar

කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා.. කොළඹ අවදානමේ..

Maimoonar

අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතිය

Maimoonar

1 comment

Comments are closed.