Local NewsNews

අහඹු පරීක්‍ෂණයකින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට කොරෝනා..

බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් ම රෝගීන් දෙදෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිත සේවකයන් හයදෙනකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇතැයි රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

ඉකුත් 03 වන දා එම ආයතනයේ සේවකයන් හැත්තෑවකට සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වය මත එම දෙපාර්තමේන්තුවේ මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කර අත්‍යවශ්‍ය මුද්‍රණ කටයුතු නාරාහේන්පිට ශාඛාවේදී සිදු කරමින් පවතී.

දෙපාර්තමේන්තුව විශබීජහරණය කිරීමෙන් පසු නැවත විවෘත කිරීමට කටයුතු කරයි.

Related posts

කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..- මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයදී…

Maimoonar

ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

Maimoonar

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Maimoonar

488 comments

Comments are closed.