28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

මේ බස් රථවල ගමන් කළා නම් ‘වහාම’ PCR පරීක්ෂණයක් කර ගන්න

යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකෙහි ගමන් කළ මගීන්ට වහාම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. කේතීස්වරන් මහතා ඉල්ලා සිටියි.

මෙම කාන්තාව කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අංක WP ND-6503 දරණ ‘රන්සිලු’ නැමැති බස් රථයේ පසුගිය සෙනසුරාදා (3) ගමන් කොට තිබුණි.

සෙනසුරාදා රාත්‍රී 8.30ට යාපනය බලා පිටත් වූ මෙම බස් රථය ඉරිදා (4) උදෑසන 5.00ට පමණ යාපනයට ළඟා වී තිබේ.

පසුව, පුන්කුඩතිව් බලා ඉරිදා උදෑසන 5.10ට ගමන් කළ NP ND-8790 දරණ ‘මාතා’නම් බස් රථයෙන් එම කාන්තාව නිවස බලා පිටත්ව ගොස් තිබේ.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයේ විශාල පිරිසක් පැමිණ ඇති බව ඇය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම බස් රථවලින් පැමිණි අය වේ නම් ළඟම ඇති රජයේ රෝහලට ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 021-2226666 යන අංකයෙන් ගත හැකියි.

lanka lead news

Related posts

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Maimoonar

ලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..

Maimoonar

‘පෙර රජයක් සිටියා නම් විනාශයේ බරපතළකම සිතාගැනීමටත් අපහසුයි’ – ජාතික භික්ෂු පෙරමුණ

Maimoonar