30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් නවතී

ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සිව් වන සංවත්සරය වෙනුවෙන් මෙම මස පුරා කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩසටහන් කිහිපයක් තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර, නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. ඒ අනුව සැලසුම් කර තිබූ සියළු ආසන සම්මේලන, කාන්තා හා තරුණ සම්මේලන මෙන්ම අනුබද්ධ සංවිධාන සම්මේලන පැවැත්වීමට තාවකාලිකව නතර කර තිබෙනවා.

කෙසේවෙතත් සාමාජික ප‍්‍රවර්ධනය හා ශාඛා සමිති බලගැන්වීම යන වැඩසටහන්  සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිදුකරන ලෙසට සියළු පාක්‍ෂිකයන්ට දැනුම් දෙන බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් සදහන් කළේ
(under the courtesy of nethnews.lk news web)

Related posts

බැඳුම්කර හොරකම : අර්ජුන් ඇලෝෂියස්ට සහ රවී කරුණානායකට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා

Maimoonar

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..

Maimoonar

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

Maimoonar

596 comments

Comments are closed.