28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

නිව් ඩයමන්ඩ් – මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර

‘එම්.ටී. නිව් ඩයමන්ඩ්‘ නෞකාව ශ්‍රී  ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර ලබාදී තිබේ.

අදාළ නෞකාව හිමි සමාගමට අවසරය ලබාදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.

මුදල් සහ අදාළ වන්දි ලබාදීමේ පදනම මත නෞකාව ඉවත් කර ගැනීමට අවසර දී ඇති බව සඳහන් වේ.

මේ වන විටත් ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්‘නෞකාව මෙරට මුහුදු කලාපයෙන් ඉවතට රැගෙන යාම ආරම්භ කර ඇති බව කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වූ ‘නිව් ඩයමන්ඩ්‘ නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදුවූ පරිසර දූෂණයට අදාළ වන්දි ගෙවීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබුණි.

රුපියල් මිලියන 440 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීම සඳහා එම සමාගම එකඟතාව පළ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

lanka lead news

Related posts

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Maimoonar

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

Maimoonar

රෝගීන් මිය යන්නේ හුස්ම නොගැනීමෙන්…

Maimoonar

791 comments

Comments are closed.