27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

වනාතවිල්ලූව වැනසූ අයට කිසිම සමාවක් නෑ – පරිසර ඇමැති අමරවීර කියයි

පුත්තලම වනාතවිල්ලූව පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර සියයකට වැඩි විශාල ඉඩම විනාශ කිරීම හා එය බදුගත් පුද්ගලයාට සම්බන්ධයෙන් විමර්ශන කර ඔහුට දඬුවම් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරින්ට දැනුම් දුන් බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ට පැවැසීය.

යහපාලන ආණ්ඩුව සමයේ එක් එක් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා අනුව වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගත්තත් පොදුජන පෙරමුණ ආණ්ඩුව මේ ආකාරයට ඉඩම් අත්පත් කරගෙන පරිසරයට හානි කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව කී ඇමැතිවරයා සිමෙන්ති කම්හලට අයත් මෙම විශාල ඉඩම අත්පත්කර ගත් පුද්ගලයාට කිසිදු සමාවක් නොලැබෙන බවද කීවේය.

මෙම විශාල ඉඩම අත්පත් කර ගැනීමේ සිද්ධිය හෙළි කිරීම පිළිබඳව මාධ්‍යයට ස්තුති කරන බවද ඇමැතිවරයා පැවැසීය.

lanka lead news

Related posts

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

Maimoonar

රනිල්ට කොකා පෙන්නා රවි දිනුම් කණුව පසු කරයි.. මන්ත‍්‍රී ලෙස පත් කරමින් ගැසට් කෙරේ…

Maimoonar

සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..

Maimoonar

1 comment

Comments are closed.