30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

පළාත්සභා නවය රුහුණු-පිහිටි-මායා නමින් තුනකට බස්සන්න යෝජනා

රුහුණු, පිහිටි, මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා නවයක් වෙනුවට පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වතුන් ලබාදුන් යෝජනා රජයටද ලබාදෙන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

පළාත් සභා නියෝජිතයන් හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් කොළඹට කැඳවා ඉකුත් සිකුරාදා (11 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම මේ බව දන්වා ඇත.

දැනට පළාත් සභා තිබෙන බැවින් මැතිවරණය පවත්වනවානම් හැකි තරම් ඉක්මනින් පවත්වන බවත්, එමගින් චිරාත් කාලයක් පළාත් සභා පවතින බවට අදහස් නොකරන බවත් හෙතෙම පෙන්වා දී ඇත.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පළාත් සභා වෙනස් කිරීමට යන බවත්, ඔහුගේ හිතුමතේට එය වෙනස් කළ නොහැකි බවත් කියමින් පළාත් පාලන නියෝජිතයකු කළ විරෝධය පෑමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පෙන්වාදී ඇත.

එය සරත් වීරසේකරගේ මතය, මටත් මතයක් තියෙනවා. පක්ෂයටත් මතයක් තියෙනවා. පළාත් සභා අහෝසි කරනවා නම් එහි බලය ප්‍රාදේශීය සභාවලට පවරනවා යැයි මෙහිදී බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

lanka lead news

Related posts

ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..

Maimoonar

ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…

Maimoonar

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Maimoonar

490 comments

Comments are closed.