31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

අප ජීවත් කරවන පරිසරය කෙරෙහි සංවේදීවීමට නැවත සිහිකැදවන නෙත් පරිසර දිවුරුමට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අත්සන් තැබුවා.

ඒ පිළිබද අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සියළු ශී‍්‍ර ලාංකිකයන් ඊට අත්සන් තැබීම ඔවුන් සතු වගකීමක් වන බවයි.

ලොව මේ වනවිට හදුනාගෙන තිබෙන ප‍්‍රමුඛතම තර්ජනය වන්නේ පරිසර ගැටළුයි. නව කොරෝනා හෝ ආර්ථක ගැටළු ද ඉක්මවා ලොවපුරා වැඩිම දෙනෙකුගේ අවධනයට ලක්ව තිබෙන ගැටළුව ලෙස ද පරිසර ගැටළු හඳුනාගෙන තිබෙනවා.

මේ නිසා අප සියළු දෙනා පරිසරය කෙරෙහි වඩා සංවේදී විය යුතු බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

මේ අතර දේශපනඥයින්, කලාකරුවන් හා ක‍්‍රීඩකයන් ඇතුළු තවත් බෙහෝ දෙනෙකුද මේ වනවිට නෙත් පරිසර දිවුරුමට අත්සන් තබා තිබෙනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නෙත් එෆ්. එම්. කුටියට පැමිණ හෝ බැලූම්ගල ෆේස්බුක් පිටුවට පිවිස ඔබට ද ඊට අත්සන් තැබිය හැකියි.

(ඒ පිළබද වැඩි විස්තර දැනැගැනීම සදහා 0727 372 372 බැලුම්ගල වෙත ඇමතුමක් ලබා දෙන්න.)

මේ අතර, අද (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරෙන නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට සහභාගී වන්නේ ද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

Maimoonar

බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු දායකවිය යුතු බව ජනපති අවධාරණය කරයි

Maimoonar

මෛත‍්‍රී-රනිල් උන්නා නම් ලංකාව කොරෝනාවෙන් ඇමරිකාවත් පරදනවා..

Maimoonar