International NewsNews

ජපානයට විපත් ගෙනා හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට කඩා වදි

ජපානයට දැඩිව බලපෑම් එල්ල කළ හයිෂෙන් සුළි කුණාටුව මේවනවිට දකුණු කොරියාවට කඩා වදිමින් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ දකුණු කොරියාවේ බුසාන් වරාය නගරයට දකුණු දෙසින් හයිෂෙන් සුළි කුණාටුව රට තුළට ඇතුළුවී ඇති බවයි. අයහපත් කාලගුණය හමුවේ ගුවන් තොටුපළ 10 කින් පමණ සිදුකිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 300 ක් පමණ අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

දුම්රිය ගමන් වාර රැුසක් ද මේවනවිටත් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර සුළි කුණාටුවේ බලපෑම හමුවේ දකුණු කොරියාවේ නිවාස ඇතුළු ස්ථාන 5000 ක පමණ විදුලි සැපයුම බිඳවැටී ඇති බවයි පැවසෙන්නේ. එලෙස විදුලි සැපයුම බිඳ වැටී ඇති කලාප අතරට ඒ අතරට සුප‍්‍රකට ජේජු දූපත ද අයත්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සරසවි සිසුන්ගේ විරෝධතාවක් නිසා නුගේගොඩ විජේරාම මංසන්ධියේ රථවාහන තදබදයක්

Maimoonar

අයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්

Maimoonar

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Maimoonar