32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට සුදුසුම පුද්ගලයා මිලින්ද මොරගොඩ

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම පිළිබඳව තමන් වහන්සේ සතුටු වන බව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන් පවසයි.

මොරගොඩ මහතා ජාත්‍යන්තර සබදතා රැසක් තිබෙන දක්ෂ පරිපාලකයෙක් බවත් ඒ වගේම හොඳ බෞද්ධයෙකු බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.

මොරගොඩ මහතාට ඇමරිකාවේ ඉහල පෙලේ නිලධාරීන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා තිබෙන බව පෙන්වා දෙන උන්වහන්සේ ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරයට සුදුසුම පුද්ගලයා ඔහු බවද සඳහන් කරයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරයට යන රාජ්‍යතාන්ත්‍රිකයා හොඳ බෞද්ධයෙකු මෙන්ම දක්ෂ පරිපාලකයෙකු විය යුතු බවත් ඒ සුදුසුකම් සියල්ල මොරගොඩ මහතා සපුරා තිබෙන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම පිළිබඳව මහා සංඝරත්නයේ මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු ජාතික බලවේග වල විරෝධතාවය පළ වුණි.

lanka lead news

Related posts

රංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..

Maimoonar

මෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේ

Maimoonar

කෝපායි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අගමැති අතින් ජනතා අයිතියට

Maimoonar

3 comments

Comments are closed.