Local NewsNews

ඉන්දියාවට පනින්න ගිය ” රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුට

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ දී මෙම පාතාල කල්ලි සාමාජිකයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බව වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් තිබේ.

අනතුරව සිදුකළ සෝදිසි කිරීමක දී සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සොයාගෙන තිබෙනවා. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සජිත් තුන්වැනි තැනට වැටිලා රනිල්ට හොරෙන් පණිවුඩ එවනවාලු…

Maimoonar

මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

Maimoonar

කාලගුණයෙන් රතු නිවේදනයක්

Maimoonar