32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

ආරක්ෂක ලේකම්ගේ අනාවැකිය පළ දරයි – උපවාසකරුවන් දින 5න් නැගිටියි

උපවාස කරන සියල්ලන්ම බඩගින්න දැනෙන විට දන්නා කියන කිසිවෙකු ලවා පානයක් ගෙන්වා දෙන එය පානය කිරීමෙන් පසු උපවාස අත්හරින බවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පළ කළ අනාවැකිය මේ වන විට සත්‍යයක් වී තිබේ.

මිට දින 5කට පෙර බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක් ඇරඹු සිරකරුවන් පදනම් කොට ගෙන ගුණරත්න මහතා මෙම අනාවැකිය පළ කරන ලදී.

ප්‍රථමයෙන් එයට සිරකරුවන් 42ක සහභාගී වූ අතර ඉන්පසු එය 25 දක්වා අඩු වී ඊයේ (14) වන විට උපවාසයේ නිරත සිරකරුවන් සියල්ලන්ම උපවාසය අතහැර තිබිණි.

ආරක්ෂක ලේකම්වරයා පළ කළ මෙම අනාවැකිය පිලිබඳ වාර්තාවක් ඒෂියන් මිරර් ඉකුත් 13 වන දින පළ කර තිබිණි.

lanka lead news

Related posts

Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..

Maimoonar

CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..

Maimoonar

පිටරටින් ලංකාවට ඇවිත් හෝටලේ සිටියොත් නිරෝධායනය දින 28 වෙනුවට දින 14 ඇති – හමුදාපති

Maimoonar

591 comments

Comments are closed.