International NewsNews

අමෙරිකානු ආර්ථික අර්බුධය ට්‍රම්ප් නොසලකා හරින බවට චෝදනා

අමෙරිකාවේ සීඝ‍්‍ර නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් නොසලකා හරින බවට, අමෙරිකානු ජනාධිපතිවරණයේ ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදියා වන ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් චෝදනා කරනවා.

විල්මින්ටන්හිදී සිය ආධාරකරුවන් අමතමින් ඔහු සඳහන් කළේ අමෙරිකානු ආර්ථිකය කඩා වැටීම පිළිබඳ ජනාධිපති ට‍්‍රම්ප්ට අවබෝධයක් හෝ හැඟිමක් නොමැති බවයි.

මේ අතර, මේ වසර අවසන් වනවිට අමෙරිකාවේ නව්‍ය කොරෝනා මරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යනු ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා. එරට වොෂිංටන් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මාසික සමීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව දැනට එක්ලක්ෂ අනූ දෙදහසක් වන අමෙරිකාවේ නව්‍ය කොරෝනා මරණ සංඛ්‍යාව, මේ වසර අවසන් වන විට හාරලක්ෂ දසදහසේ සීමාව ඉක්මවා යනු ඇති බව සමීක්ෂකයින් පෙන්වා දෙනවා. මේ වනවිට දළ වශයෙන් 850 ක්  වන අමෙරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව වසර අවසන් වන විට 3,000 ක් දක්වා ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළව ඇත්තේ.

අමෙරිකාවේ වසංගත රෝග විද්‍යාඥයින් පවසන්නේ අමෙරිකානුවන් සෞඛ්‍ය උපදෙස් අනුව නිසි පරිදි මුව ආවරණ පළ`දින්නේ නම් නව්‍ය කොරෝනා මරණ ප‍්‍රතිශතය සියයට 30 කින් අඩු කරගත හැකි බවයි.
නමුත්, අමෙරිකානු ජනතාව මුව ආවරණ පැළ`දීම ක‍්‍රම – ක‍්‍රමයෙන් ප‍්‍රතික්ෂේප කරමින් සිටින බව ද වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සමීක්ෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනී

Maimoonar

මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

Maimoonar

මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි අතීත මතක පෙළගස්වන අග්‍රගණ්‍ය සිනමා නිළිමාලිනී ෆොන්සේකා

Maimoonar

1,051 comments

Comments are closed.