NewsPolitical

“20” ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත.

මෙවර අමාත්‍ය කැබිනට් මණ්ඩලයේදී 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. එහිදී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු ඇමැතිවරුන් ගණනාවක් පෙන්වා දී ඇත්තේ 19 වැනි සංශෝධනයේ ජනතාවට ප්‍රයෝජනවත් සමහර වගන්ති ඉවත් නොකර ඒවා 20 වැනි සංශෝධනය මගින් සක්‍රීය කළ යුතු බවයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කර ඇත්තේ දැනට ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රජයේ නීතී කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යොමු කර ඇත කියාය. එය තමන් වෙත ලැබුණු සැණින් කැබිනට්ටුවට ඉදිරිපත් කරන වග ඔහු සඳහන් කර තිබේ.

lanka lead news

Related posts

යොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයි

Maimoonar

මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්

Maimoonar

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..

Maimoonar

4 comments

Comments are closed.