29.5 C
Colombo
August 20, 2026
NewsPolitical

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම හෙට කැලණියේ දී

නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) දිනයේ දිවුරුම්දීමට නියමිතය තිබේ.

කැලණිය රජ මහ විහාරයේ දී හෙට (09) පෙරවරු 09.00ට මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

මෙවර මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගත්තේය.

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය සැලසුම් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමතිට දුන් කාලය අවසන්.. සෞඛ්‍ය වැඩ වර්ජනයක් කැදවයි…

Maimoonar

පොලිසියේ 17ක් කුඩු ගහලා මාට්ටුයි…

Maimoonar

මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

Maimoonar

2 comments

Comments are closed.