28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

අපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

අපේ ජනබල පක්‍ෂයේ ලේකම් බව කියන පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන්ට එරෙහිව වීරගුල පොලිසියට පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා.

 ඒ, අපේ ජන බල පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක සුමල් ලක්මණආරච්චි විසින්. තමන් සළකුණු කළ මනාපයෙන් විමලතිස්ස හිමියන්ට පාර්ලිමේන්තු ආසනයක් ලබා ගැනීමට ඉඩදිය නොහැකි බවට ඔහු පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් මේ වනවිට උන්වහසේ අතුරුදන්ව සිටිනවා.   

මේ අතර අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකරණයේ සහය පැතීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සූදානම් වනවා. කෙසේවෙතත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසදා ගතයුතු බවයි.

ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂයේ ලේකම්වරුන් යැයි පවසන දෙදෙනෙකු මේ වනවිටත් මැතිවරණ කොමිසමට ලිපි දෙකක් යොමුකර තිබෙනවා.

මේ අතරතුර අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ‍කාරී තත්ත්වය විසඳා ගැනීම සදහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් ගෙන තිබුණා.

ඒ අනුව නීතිපතිවරයා මැතිවරණ කොමිසමට උපදෙස් දී ඇත්තේ අපේ ජන බල පක්ෂයේ ලේකම් ලෙස වරම හිමිකරගෙන ඇති පුද්ගලයාගේ සහ මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරයා ලෙස සළකන පුද්ගලයාගේ නාම යෝජනාව භාරගන්නා ලෙසයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

චීන සහායෙන් විශේෂ ව්‍යාපෘති 05ක්.. චීනයේ දුගීකම තුරන්කල වැඩසටහන් ලංකාවට…

Maimoonar

මුදල් දෙන්න මගේ බලය මදි.. ජනාධිපතිගේ අනුමැතියට යොමු කලා..- මුදල් ලේකම් මැ.කො.ට දන්වයි..

Maimoonar

මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..

Maimoonar

81 comments

Comments are closed.