31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

අඩන්නද හිනාවෙන්නද කියා හිතාගන්න බෑ.. ශ‍්‍රීලනිපය පොහොට්ටුවට එක්වුනාට මං විරුද්දයි..

මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනයට සහ ක්‍රියාකලාපයට තමන් එකඟ නොවුවද නොවුනද ඔහු ශක්තිමත් නායකයෙක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් එක්ව විනාශකර දැමු බවටද ඇය චෝදනා කරයි.

මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට ප්‍රධාන හේතු වූයේ ජේ ආර් ජයවර්ධන ගේ බහුබූත ව්‍යවස්ථාව බවත් අනෙක් හේතුව දුර්වල විපක්ෂය බවත් ඇය සඳහන් කළාය.

පොහොට්ටුව පසුගිය ජනාධිපතිවරණයේ දී ගත් ඡන්ද ප්‍රමාණයට වඩා මෙවර ලබාගත්තේ ඡන්ද අඩුවෙන් බව ද ඇය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙරට පැවැති ප්‍රධාන පක්ෂ දෙකම විනාශ විය අවසන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහේ දැයි තමන් තවමත් සොයන බවත් ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම මහින්ද ඉතා සූක්ෂම විදිහට කළ බවත් එය මෛත‍්‍රීපාල සිරිසේන ඉතාම නින්දිත සහ නීච විදිහට සිදු කළ බවත් ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග එකතු වීමට තමන් සම්පූර්ණ විරුද්ධ බවද ඇය තවදුරටත් පැවසුවාය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

අද තත්වය මත අඩන්නද සිනා වෙන්නදැයි තවමත් තමනට සිතාගත නොහැකි බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

Maimoonar

ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..

Maimoonar

කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…

Maimoonar

1,014 comments

Comments are closed.