News Political

අඩන්නද හිනාවෙන්නද කියා හිතාගන්න බෑ.. ශ‍්‍රීලනිපය පොහොට්ටුවට එක්වුනාට මං විරුද්දයි..

මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනයට සහ ක්‍රියාකලාපයට තමන් එකඟ නොවුවද නොවුනද ඔහු ශක්තිමත් නායකයෙක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් එක්ව විනාශකර දැමු බවටද ඇය චෝදනා කරයි.

මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට ප්‍රධාන හේතු වූයේ ජේ ආර් ජයවර්ධන ගේ බහුබූත ව්‍යවස්ථාව බවත් අනෙක් හේතුව දුර්වල විපක්ෂය බවත් ඇය සඳහන් කළාය.

පොහොට්ටුව පසුගිය ජනාධිපතිවරණයේ දී ගත් ඡන්ද ප්‍රමාණයට වඩා මෙවර ලබාගත්තේ ඡන්ද අඩුවෙන් බව ද ඇය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙරට පැවැති ප්‍රධාන පක්ෂ දෙකම විනාශ විය අවසන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහේ දැයි තමන් තවමත් සොයන බවත් ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම මහින්ද ඉතා සූක්ෂම විදිහට කළ බවත් එය මෛත‍්‍රීපාල සිරිසේන ඉතාම නින්දිත සහ නීච විදිහට සිදු කළ බවත් ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග එකතු වීමට තමන් සම්පූර්ණ විරුද්ධ බවද ඇය තවදුරටත් පැවසුවාය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

අද තත්වය මත අඩන්නද සිනා වෙන්නදැයි තවමත් තමනට සිතාගත නොහැකි බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj

පොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..

Shiran Viraj

අරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…

Shiran Viraj

1,014 comments

Comments are closed.