30 C
Colombo
August 7, 2026
Local NewsNews

අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයට

අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට එල්ලවූ අනපේක්ෂිත ප්‍රහාරයකින් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු නිලධාරින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ කාන්පුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

1990 වර්ෂයේ සිට විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන විකාස් ඩුබෙයි නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම අවාසනාවන්ත තත්ත්වයට පොලිස් නිලධාරින් මුහුණපා ඇත්තේ.

” විකාස් ඩුබෙයි විසින් පුද්ගලයෙකු ඝාතනය කිරිමට තැත් කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක් කාන්පුර් හි පිහිටි දික්රූ නම් වූ ගම්මානය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී එම අපරාධකරු සහ ඔහුගේ අනුගාමිකයින් පොලිස් නිලධාරින් පැමිණෙන මාර්ගයේ මග රැක සිට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත.

එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම ප්‍රහාරය සිදුකළ අපරාධකරුවන් සොයා මේ වන විට දැඩි මෙහෙයුමක් අරඹා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

Maimoonar

රට පුරා සියළු බන්ධනාගාර Lockdown..

Maimoonar

ප්‍රදේශ 04ක ඩ්‍රෝන මෙහෙයුම් : 95ක් අත්අඩංගුවට

Maimoonar