International NewsNews

මියන්මාරයේ ජේඩ් ආකරයක් නාය යයි – 113ක් මරුට

උතුරු මියන්මාරයේ ජේඩ් ආකරයක සිදුවූ නාය යෑමකින් 113 දෙනෙක් මියගොස් තිබේ.

බලධාරීන් පැවසුවේ මරණ තවත් ඉහළ යා හැකි බවය.

අද (02) උදෑසන එම අනතුර සිදුව ඇත්තේ ජේඩ් ආකර බහුල හකාන්ට් නම් පෙදෙසෙහි ය.  

මෙම කලාපයේ මෙවැනි සිදුවීම් බහුල වශයෙන් සිදු වේ. එසේම මෙම කටයුතු නිසියාකාරයෙන් බලධාරීන්ගේ අධීක්ෂණයට ලක් නොවේ.

මෙම ආකර වල සේවයේ යොදවා ඇත්තේ ඉතා දුප්පත් පුද්ගලයින් ය.

වර්තමාන මියන්මාර් රජය බලයට පැමිණියේ හකාන්ට් ප්‍රදේශයේ ඇති ආකර සඳහා නීති රාමුවක් හඳුන්වා දෙන බව පවසමිනි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මන්නාරමේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍රයකින් එලිපෙහෙලි කරයි.. අත්අඩංගුවට..

Maimoonar

වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතට

Maimoonar

තවත් 48 කට කොරෝනා.. නාවුක හමුදා පොකුර තවත් ලොකුවෙයි…

Maimoonar