29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

ලිසිං සමාගම් වලට පොලිසියෙන් රතු එළියක් : දැඩි නීතිමය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පති නියෝග කරයි

කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නීතිමය පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රජය ලබාදුන් සහන කාලසීමාව තුලදී ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව පවසමින් වාහන අත්පත් කරගෙන ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් පැමිණිලි කිරීමට පොලිස්ථාන වලට පැමිණියහොත් අපරාධ නීතීය යටතේ කටයුතු කරන ලෙසයි මෙහිදී  වැඩ බලන පොලිස්පතිවරයා සියලු පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව පවසමින් වාහන අත්පත් කරගැනීම සඳහා ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් ඉදිරිපත් කරන පැමිණිලි බාර නොගන්නා ලෙසටද වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත
(under the courtesy of nethnews.lk news web)

Related posts

අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතිය

Maimoonar

60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…

Maimoonar

කොරෝනා එන්නත් ගන්න සල්ලි නෑ.. ඩොලර් මිලියන 80.5ක ණයක් ලෝක බැංකුවෙන් ඉල්ලයි…

Maimoonar

16 comments

Comments are closed.