31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

බෝට්ටුවලින් ලංකාවට පැන නොඑනු.. ජාත්‍යන්තර මුහුදට එලවා දමනවා..- ශ‍්‍රී ලංකාවෙන් පණිවුඩයක්..

කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය නොකරන ලෙස ශ‍්‍රී රජය විසින් නීති විරෝධී සියලු සංක‍්‍රමණිකයන්ට දැනුම් දෙයි.

මෑතකදී කලාපයේ ආසන්න රටවල් ගණනාවක කොරෝනා වෛරසය උත්සන්න වීමත් සමග ශ‍්‍රී ලංකාවට මුහුදු මාර්ග ඔස්සේ පලා ඒමට ඇතැම් පිරිස් සූදානමින් සිටින්නේ යයි තොරතුරු හෙලිවීම නිසා මෙම දැනුම් දීම කර ඇත.

මේ සම්බන්දයෙන් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කිරීම් සිදු කිරීමටද කටයුතු සූදානම් වෙමින් තිබේ.

දැනටමත් උතුරේ ප්‍රදේශ ගණනාවක නාවික හමුදා බලය තීව්‍ර කරමින් ආරක්ෂාව දිවා රැයේ තර කර ඇත.

විශේෂයෙන්ම දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අනවසර සංක්‍රමණිකයන් කිසිවෙකු ඇතුළු නොවීමට දැනටමත් කටයුතු සූදානම් කර ඇති බව නාවික හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දැනුම් දීම් නොතකා මෙරට මුහුද සීමාව උල්ලංඝණ කරන ඔ්නෑම අයෙක් ජාත්‍යන්තර මුහුද වෙත හරවා යැවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්

Maimoonar

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

Maimoonar

2006 මැතිවරණ සමයේ රුපියල් මිලියන 30ක අල්ලස් යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයි

Maimoonar

234 comments

Comments are closed.