February 26, 2026
NewsPolitical

පොහොට්ටුවට 2/3 ස්ථිරයි..

මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු රාජ්‍යය අමාත්‍යය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි දිසානායක මහතා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ තරුණ හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස වෙනස් මත දරණ අය බවත් , එවන් අය ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට කිසිසේත් නොගැලපෙන බවයි.

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය නුවරඑලිය දිස්ත්‍රික්කයෙන්ද අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් , ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොහොට්ටුවෙන් තරග කරද්දි තවත් පිරිසක් අත සලකුණ යටතේ තරග කරන නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මෙවර මැතිවරණයෙන් අවාසියක් සිදු වන බව එස්.බි දිසානායක මහතා පැවසිය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

Maimoonar

සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක දැවැන්ත සහන පැකේජයක්

Maimoonar

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Maimoonar

1 comment

Comments are closed.