January 22, 2026
NewsPolitical

පොහොට්ටුවට 2/3 ස්ථිරයි..

මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු රාජ්‍යය අමාත්‍යය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි දිසානායක මහතා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ තරුණ හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස වෙනස් මත දරණ අය බවත් , එවන් අය ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට කිසිසේත් නොගැලපෙන බවයි.

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය නුවරඑලිය දිස්ත්‍රික්කයෙන්ද අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් , ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොහොට්ටුවෙන් තරග කරද්දි තවත් පිරිසක් අත සලකුණ යටතේ තරග කරන නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මෙවර මැතිවරණයෙන් අවාසියක් සිදු වන බව එස්.බි දිසානායක මහතා පැවසිය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

Maimoonar

පුත්තලමෙන් හමු වු කොරෝනා ආසාදිතයින් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වු පිරිසක්

Maimoonar

අනුර ජනාධිපති වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදලා විධායකය අහෝසි කරනවා..

Maimoonar

1 comment

Comments are closed.