28.9 C
Colombo
September 10, 2026
International NewsNews

පෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්

අමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටි සියලුම හමුදා කඳවුරු සහ පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා.

ජේෂ්ඨ ආරක්ෂක ප්‍රධානින් දෙදෙනෙකු උපුටා දක්වමින් CNN ප්‍රවෘත්ති සේවය සඳහන් කර සිටියේ අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම කඳවුරු සහ සංකීර්ණවල ආරක්ෂාව බ්‍රාවෝ සිට චාර්ලි ලෙස ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.

චාර්ලි යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉහළ ආරක්ෂක මට්ටමේ දෙවන අදියර බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙලෙස ආරක්ෂක තත්ත්වය දෙවන මට්ටමට (Charlie) ඉහළ නැංවීමට පියවර ගනු ලබන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව ඇති බවට වන බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙනය.

ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සියලුම ආරක්ෂක කඳවුරු වෙත අතිරේක ආරක්ෂාවක් යෙදවීමට පියවර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ වුවත් මේ දිනවල අමෙරිකාව පුරා ක්‍රියාත්මක වන විරෝධතාවයන් ගැනද ආරක්ෂක බලධාරින් සිය වැඩි අවධානය යොමු කර සිටිනවා.

මේ අතර IS සංවිධානයේ නායක අබු ඊබ්‍රාහිම් අල් – හෂෙම් මීට දින කිහිපයකට පෙර සිය අනුගාමිකයින්ට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම සතුරන්ට කිසිදු ලෙසකින් බියෙන් තොරව ජිවත් වීමට ඉඩ නොතබන ලෙසයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනතාවගේ දුක අහන්න සජිත් වෙලාවක් වෙන් කරයි..

Maimoonar

දුම්රිය හරස් මාර්ගය හරහා ගිය කැබ්රථය දුම්රියේ ගැටී දරුවකු මිය යයි.. පියා ඇතුලු දෙදෙනෙකුට බරපතලයි…

Maimoonar

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Maimoonar

53 comments

Comments are closed.