30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයි

කොවිඩ් -19 වසංගතය සඳහා එන්තක් සෙවීම සඳහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

විවිධ රටවල ජිවත් වන කොවිඩ් -19 රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය අධ්‍යයනය කරන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අණුක වෛද්‍ය විද්‍යායතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් එක්ව සිදුකරණ ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සඳහා මිලියන 10 ක මුල්‍ය ප්‍රතිපාදනයක් ද බ්‍රිතාන්‍ රජය විසින් පරිත්‍යාග කර තිබෙනවා.

ඉකුත් දා පැවති ගෝලීය එන්නත සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීම සම්බන්ධයෙන් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් තම කෘතවේදීත්වය පළ කර සිටිනවා.

ගෝලීය වසංගත තත්ත්වයක් මධ්‍යයේ එම රෝගය සඳහා එන්නතක් සෙවීමට බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් එක්ව කටයුතු කිරිම සතුටට කරුණක් බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමති

Maimoonar

සුනාමි සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්…

Maimoonar

සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

Maimoonar

4 comments

Comments are closed.