30.4 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.81 ක් හා විකුණුම් මිල රු. 191.71 ක් ලෙසින් අද (05) දින සටහන් විය.

පසුගිය සති කිහිපය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති අතර එහිදී ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ද ඉක්මවා ගියේය.  මෙවැනි පසුබිමක් තුළ අද (05) දින ඩොලරයේ විකුණුම් මිල රු. 191 සීමාව දක්වා පහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පොලිසියෙන් දැඩි ඉල්ලීමක්: මාර්ග පිළිසකර කරන ස්ථානවල සෙල්ෆි ගැනීමෙන් වළකින්න!

Maimoonar

VAT සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලටත්.. වාහන මිල වේගයෙන් ඉහලට..

Maimoonar

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Maimoonar

2 comments

Comments are closed.