31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

මැතිසබේ රකින්න හමුදාව එපා එස්.ටී.එෆ් දාන්න – හිටපු කතානායක කරු

මැතිසබයේ පිටත පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා කැඳවන ලද හමුදා භටයන් ඉවත්කොට ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගියදා දුරකතනයෙන් අගමැතිවරයා ඇමතූ කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු ආරක්ෂාව සඳහා හමුදාව කැඳවීම ගැන විවිධ පක්ෂ විසින් ප්‍රශ්න මතුකර ඇති බැවින් ඒ ගැන කරුණු විමසා ඇත.

එවිට අගමැතිවරයා කරු ජයසූරිය මහතාට කියා ඇත්තේ පාර්ලිමේන්තුවේ සේවය කළ පොලිස් භටයන්ගෙන් කොටසක් නගරයේ ආරක්ෂාව සඳහා කැඳවා ඇති බැවින් පාර්ලිමේන්තුවේ පිටත පරිශ්‍රයේ රැකවරණය සඳහා හමුදාව තාවකාලික පදනමින් යොදවා ඇති බවය.

දැනට පාර්ලිමේන්තු ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකාය කැඳවිය නොහැක්කේ ඔවුන්ද කොරෝනා මර්දන විශේෂ රාජකාරිවල නියුතුව සිටින නිසා යැයි අගමැතිවරයා පැහැදිලි කර තිබේ.

lanka lead news

Related posts

කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්

Maimoonar

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්

Maimoonar

ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..

Maimoonar