29.5 C
Colombo
February 12, 2026
NewsPolitical

පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන හිටපු කතානායකගෙන් නිවේදනයක්..

හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා සිටිමින්ද, එවන් කැදවීමකදී වසංගත උවදුර ජයගැනීම සඳහා රජයට පුුර්ණ සහය ලබාදෙන බවට ප්‍රතිඥා දෙමින්ද, පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විසින් ගරු ජනාධිපතිතුමා වෙත කර ඇති යෝජනාව මෙම අර්බුදය විසඳීමට සියලු පාර්ශවයන්හි සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ගතහැකි කාලෝචිත පියවරක් බව මාගේ හැඟීම විය.

එහිලා වු යහපත් අරමුණු ඉටුකර ගැනීම සඳහා කිසිදු පැකිලිමකින් තොරව හිටපු කථානායකවරයා ලෙස මාගේ සහය ලබාදෙන බවද මින් පෙර නිල ට්විටර් සටහනක් මගින් ප්‍රකාශ කළෙමි.

එය කිසිදු විටෙක මා විසින් පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරිමක් නොවන අතර සද්භාවයෙන් හා පිරිසිදු සිතින් යුතුව මාතෘභූමියේ යහපත වෙනුවෙන් කරන ලද යෝජනාවකට සහය දැක්වීමක් පමණි.

මාගේ එම ස්ථාවරය ඇතැම් පුද්ගලයන් විසින් ශිෂ්ඨසම්පන්න නොවන ආකාරයට අර්ථ දැක්වීම අභාග්‍යයකි. මා මින් පෙර ප්‍රකාශ කර ඇති ලෙසටම හිටපු කථානායකවරයා ලෙස ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව කැඳවා රට තුළ පැන නගිමින් පවතින ව්‍යවස්ථා අර්බුදයක් වඩාත් උග්‍ර තත්වයට පත් කිරිමට මා දායක නොවන බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අධිකරණයේ තීරණ ප්‍රකාරව කටයුතු කිරිමට බැඳි සිටින බවටත්, ජාතික වගකීමකින් යුතුව ප්‍රකාශ කරමි.

කරු ජයසුරිය
හිටපු කථානායක
(under the courtesy of lankacnews.com news web)

Related posts

රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..- GMOA දන්වයි..

Maimoonar

භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…

Maimoonar

ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් බලපෑම්…

Maimoonar