29.5 C
Colombo
August 20, 2026
NewsPolitical

කොරෝනා පාලනය වෙන තෙක් පොදු ප‍්‍රවාහන සේවා කළමනාකරණයට පියවර

කොරෝනා වසංගතය මෙරට තුළ පාලනය වන තෙක් පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා මගී ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ප‍්‍රවාහන සේවා කළමනාකරණ කාර්යය සාධක බලකායක් පත්කර තිබෙනවා.

කොරොනා වසංගතය පහව යනතෙක්, පොදු ප‍්‍රවාහන සේවාවලදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීම මගින් එම වෛරසය පොදු ප‍්‍රවාහනය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි ප‍්‍රධාන අරමුණයි.

සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්යසාධක බලකායේ සභාපතිවරයා ලෙස මගී ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න පත් කර තිබෙනවා. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඒම්. තිලකරත්න බණ්ඩා, බස් රථ සංගම්වල සභාපතිවරු, දුම්රිය සාමාන්‍යාධිකාරි, ලංගම, ජාතික ගමනාගමන කොමිසම, යන ආයතනවල සභාපතිවරුන් ද, පළාත් මාර්ගස්ථ අධිකාරිවල සභාපතිවරුන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන නියෝජිතයෙක් ද මෙම කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයින් අතරට ඇතුළත්.

මහජනතාවට ප‍්‍රවාහන සේවාවන් සැපයීමේ දි කිසියම් අපහසුතාවයක් වෙතොත්  011 -2 187 233 යන අංකයෙන් එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ද, 011 – 21 87 200 යන අංකයෙන් මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය ද අමතා විමසීම් කළ හැකියි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සල්ලි අච්චු ගසා හෝ මැතිවරණය තියන්න වෙනවා

Maimoonar

සුපෝෂ, නැණපෝෂ, ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි.. විෂ කාරක අධි මාත‍්‍රාවෙන්…

Maimoonar

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Maimoonar

2 comments

Comments are closed.