October 31, 2026
Local NewsNews

කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි

හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප සීමාවට අයත් කර්මාන්තශාලා 21ක් වසාදැමීමට පියවර ගෙන තිබේ.

ඊයේ(30) පස්වරුවේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

එසේම එම කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයින් 350ක ප්‍රමාණයක් පරීක්ෂණ කටයුතු සඳහා යොමුකිරීමටත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර තිබේ.

අගලවත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ ඥාතිවරයෙකු බව පැවසෙන අදාළ ආපනශාලා සුපරීක්ෂකවරයා මේ වනවිට අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර ඇති අතර, ඔහු සමඟ බොරළුගොඩ ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොළක ලැගුම්ගෙන සිටි එම ආපන ශාලාවේම සේවයේ නියුතුව සිටි කෝකිවරයෙකුද පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

එසේම මෙම සේවකයින් ප්‍රවාහනය කළ බව පැවසෙන ඉංගිරිය, මීරම ප්‍රදේශයේ පදිංචි වෑන්රථ රියදුරෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ද, ඉංගිරිය දොඹගස්කන්ද ප්‍රදේශයේ පදිංචි තවත් කිහිප දෙනෙකුද නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර මෙම පුද්ගලයින්ගේ රෝග පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබේ.

lanka lead news

Related posts

ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…

Maimoonar

චීනය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘කෘතිම හිරු’ බලගන්වයි.

Maimoonar

මාලිමා නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න..

Maimoonar

514 comments

Comments are closed.