27.6 C
Colombo
August 14, 2026
NewsPolitical

එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…

එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගන්නා ලද පිරිස අතරේ තම දරුවන් දෙදෙනා සිටින බවත් ඔවුන් ගුවන්තොටුපොළේ දී අශෝභන ලෙස හැසිරී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

තම දරුවන් එසේ නොපැමිණි බව සඳහන් කරන ඔහු එවන් අසත්‍ය තොරතුරු දැඩිව හෙළා දකින බවද පවසයි.

තමන්ගේ එක් පුත‍්‍රයෙකු මේ වන විටත් ලංකාවේ සිටින බවත් අනෙක් පුත‍්‍රයා විදේශගතව සිටින බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වාර්තා පලවුවද තමනට දියණියක නැති බවත් එවන් දියණියක් තමන් නොදන්නා බවත් එම දියණිය තමන් ද සොයන බවත් ඇය ගැන තොරතුරක් දන්නේ නම් තමන් වෙත ලබාදෙන ලෙස ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..

Maimoonar

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

Maimoonar

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

Maimoonar