January 15, 2026
Local NewsNews

නුවරඑළියට අද ඇදිරි නීතිය – පොලීසියත් සීරුවෙන්

නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ අද දිනය පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාතී‍්‍ර 12 සිට එම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හැර නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ අනෙකුත් සියලූම ගමනාගමන කටයුතු අද තහනම් වන බව පොලිසිය සඳහන් කළා. නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බැවින් ඇඳීරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා එම දිස්ති‍්‍රක්කය තුළ මෙහෙයුම් ද කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර හෙට දිනයේ ද, දිවයිනේ සියලූ දිස්ති‍්‍රක්කවලට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ජුනි 01 වන සඳුදා සිට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳ පෙර නිවේදනයන්හි සඳහන් නියමයන් නොවෙනස්ව පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර ජුනි මස 04 වන බ‍්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදී ඇති ජුනි මස 05 වන සිකුරාදා ද මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය කි‍්‍රයාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වගා වන්දි උපරිම වී වගාවට අක්කර 5කටයි.. අනෙක් බෝගවලට අක්කර දෙක හමාරටයි..

Maimoonar

මැතිවරණ පවත්වන්න විසුරුවූ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ජනපතිට බලයක් නෑ..- ව්‍යවස්ථාව මෙහෙමයි…

Maimoonar

රාජිත සේනාරත්නගේ වරෙන්තු අත්හිටුවීමේ ඉල්ලීම අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි

Maimoonar