Local NewsNews

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

ඊයේ(09) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම කොමිසමේ කාලය ලබන ඔක්තෝබර් මස 9 වනදා තෙක් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මාස 3 ක කාලයකට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව පිහිටුවනු ලැබීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..

Maimoonar

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරට

Maimoonar

ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි – තුවාල වූ ශ්‍රී ලාංකිකයින් ගැනත් සොයයි

Maimoonar