28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

10 සිසුවෙක් කොරෝණා රෝගීන්ට සේවාවට රොබෝවෙක් හදයි.. වහාම හමුදාවෙන් ගෙන යයි..

රෝගීන් ලගට ගොස් ප්‍රතිකාර කල හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත්ව ඇත.

මිද්දෙණිය සපුගහයායා ප්‍රදේශයේ පදිංචි එස්.ආර් රේණුක නිලන්ත සහ ඩී.ඒ වයලා ශ්‍රීමතී යන අයගේ වැඩිමහල් පුතා වන එස්.ආර් තේජන දෙව්මිණ(15) යන සිසුවා මෙම රොබෝ නිර්මාණය සිදු කර ඇත.

තේජන පවසන අන්දමට මෙම රො‍බෝ යන්ත්‍රය තුලින් රෝගියාගේ ලේ සාම්පල්  ලබා ගැනීමට,රෝගියාට ඖෂධ ලබාදීමට,රෝගියා සමග දුරකතනයෙන් සම්බන්ධවී මුහුණ බලා කතාකිරීම සහ තවත් බොහෝ කාරණා මෙම රොබෝ යන්ත්‍රය තුලින් සිදුකල හැකි බවයි.

මෙම කුඩා රොබෝ යන්ත්‍රය වැඩි දියුණු කර අවශ්‍ය කරණ විශාලත්වයෙන් නිර්මාණය කිරීම ඔහුගේ අදහස වේ.

තේජන ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.අයි .ටී තාක්ෂණයය හදාරණ සිසුවෙකි.

මේ වන විට මෙය සැලවීමත් සමග  යුධ හමුදාව මගින් මෙම සිසුවාගේ  නිවසට ගොස් ඔහුව හෝමාගම පිහිටි යුධ හමුදා තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය වෙත සිසුවාගේ පියාත් සමග රැගෙන ගොස් ඇත.

මෙම රොබෝ යන්ත්‍රය සම්බන්ධයෙන් 01 දා පර්යේෂණ කණ්ඩායමක් පැමිණ විධිමත්ව සොයා බලා රෝහලක වැඩ කිරීමට හැකි පරිදි උසින් යුතුව නව නිමාවකින් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇති බවට තමා අදහස් කරන බව තේජනගේ පියා වන රේණුක නිලන්ත මහතා කීය.

ඔහුලේ පියා එම විද්‍යාලයේම ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ගුරුවරයෙකි. මව මිද්දෙණියප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියකි. තේජනට තවත් බාල සහෝදරියක් ඇත.ඇය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගනුම ලබයි.

මෙවැනි  නිර්මාණ සිදුකර කිහිප අවස්ථාවකම මෙම සිසුවා ජයග්‍රහණ ලබා ඇත.

මෙම රොබෝ යන්ත්‍රය නිසියාකාරව නිර්මාණය කලහොත් කොරෝණා රෝගීන්ගේ සියලු සේවාවන් කල හැකි බව සිසුවා පවසයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයි

Maimoonar

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

Maimoonar

පාසල් හැරයාම වැළැක්වීමට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් – ජනාධිපති

Maimoonar

111 comments

Comments are closed.