32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

සුපිරි නෞකාවේ සිටි ශ්‍රී ලාංකීක තරුණයා මව්බිමට පැමිණ කියු දේ

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා අද(06) පෙරවරුවේ මෙරටට ගොඩ බැස්සේය.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ අදාල නෞකාවේ සිට නාවික හමුදාව භාරගත් මෙම සූපවේදියා, බූස්ස හි පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන බවයි.

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා නම් මගී නෞකාව ඉන්ධන ලබාගැනීමට අද කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිතව ඇති බැවින් මෙහි සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු එම ඉල්ලීම සිදුකළ අතර ඊයේ අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් ප්‍රකාශය ඔස්සේ එය විකාශය කෙරුණි.

ඒ අනුව ජනාධිපතිවරයගේ උපදෙස් අනුව ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා අද පෙරවරුවේ මෙරටට ගොඩ බැස්සේය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, මෙම තරුණයා නිසි ක්‍රමවේදයන්ට අනුකූලව පූර්ණ විෂබීජ හරණයට ලක් කරන බවයි.

ඉන් අනතුරුව දින 21 ක පූර්ණ නිරෝධායනයක් සඳහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යැවු බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම්.එස්.සී.මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදි අනුර හේරත් මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයාගේ පූර්ණ මැදිහත් වීම මත තමාට ලංකාවට පැමිණීමට හැකි වු බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහිදී විශාල වෙහෙසක් ගනු ලැබු බවත් පැවසු ඒ මහතා, තමාව ඉතා ආරක්ෂාකාරි ලෙස ඔවුන් ගොඩබිමට ගෙන ආ බවත් පැවසීය.

අද දෙරණ වෙබ් අඩවිය ඉතා ක්ෂණීකව මෙම පුවත වාර්තා කරමින් තමාට විශාල මෙහෙවරක් ඉටු කළ බවත් පැවසු ඒ මහතා, සියලු දෙනාටම ස්තූතිවන්ත වන බවද කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…

Maimoonar

මිනුවන්ගොඩ කොරෝනා පොකුර : හුදෙකලා කළ ප්‍රදේශ වල ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

Maimoonar

‘Clean Sri lanka’ පාසල් හමුදාවට බාර දෙයි..

Maimoonar

1 comment

Comments are closed.